everanju : Tweet feed

Tuesday, August 16, 2011

Angam - Sinhala media release


අංගම් වාර්තා චිත්‍රපටය

YS% ලංකාවේ සාම්ප%දායික සටන් කලාව වන අංගම් පොර පිළිබදව නිෂ්පාදනය කෙරුණු වාර්තාමය සිනමා නිර්මාණයක් වන අංගම් වාර්තා චිත%පටය 2011 සැප්තැම්බර් ui කොළඹ 07 YS% ලංකා ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය. අංජුල රසාංග වීරසිංහගේ නිර්මාණයක් වන අංගම්, 07 වන දින දර්ශණය විශේෂ ආරාධිතයන් සදහා පමණක් වන අතර 09 වන දින සවස 06 ට විවෘත මහජන දර්ශණය පැවැත්වෙනු ඇත. මෙම දර්ශණ වාරය සදහා සහභාගීවීමට කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
 මෙරට ඓතිහාසික සිදුවීම් සහ ශිෂ්ඨාචාරයේ ගොඩනැගීම් බිදවැටීම් පිළිබදව ජන වහරේ පවතින මත, පුරාවිද්‍යාත්මක සාධක සමග සසදමින් කෙරෙන සිත්ගන්නාසුළු සංවාද සමගින් අංගම්පොර සටන් කලාවේ අතීතය, වර්තමානය සහ අනාගතය පිළිබදව කෙරෙන විමංසාවකින්දදුලබ අංගම් සටන් ජවනිකාවලින්ද සමන්විත මෙම වාර්තා චිත%පටය, පුරා පැයකුත් මිනිත්තු දහයක කාලයක් තිස්සේ දිගහැරෙන සිව්හෙළ හටන් කලාවේ සංක්ෂිප්තයක් ලෙස හදුන්වාදිය හැකිය.

රට සිටින ජේෂ්ඨතම පුරාවිද්‍යාඥයෙකු වන ආචාර්ය සිරාන් දැරණියගල මහතා විසින් මෙරට මනවයාගේ බිහිවීමේ සිට ශිෂ්ටාචාර ඇතිවීම දක්වාත්, රාජධානි බිහිවීම සහ බිදවැටීම් පිළිබදවත්, ඒ නිසා සිදුවූ සංස්කෘතික විපර්යාස ආදියත් පිළිබදවත් පුරාවිද්‍යාත්මක සාධක ඉදිරිපත් කරමින් සිදුකරනු ලබන පැහැදිලිකරදීමක් මෙම චිත%පටයේ අන්තර්ගතය. මෙයට අමතරව මෙරට සිටින ජේෂ්ඨ පාරම්පරික අංගම් පොර ශිල්පීන් වන ගුරු කරුණාපාල, වෛද්‍ය රියෙන්සි විl%මසිංහ, අතුල නන්දසේන ආදීන් විසින් සිදුකරනු ලබන අංගම් සටන් කලාවේ ආරම්භය, එහි සාම්ප%දායයන් සහ ඇදහිලි විශ්වාසයන් පිළිබද පැහැදිලි කිරීම්ද, අවි ආයුධ පිළිබද හදුන්වාදීම් මෙන්ම දුලබ අංගම් සටන් ජවනිකාද මෙම සිනමා නිර්මාණය තුලදී දැකගත හැක.

කෙටි චිත%පට කිහිපයකින් ලද සාර්ථකත්වයත් අත්දැකීම් සමුදායත් සමගම ඉන් ඔබ්බට ගිය වෘතාන්ත චිත%පටයක් හෝ වාර්තාමය චිත%පටයක් කිරීම අපි අදහස් කළා. ඒ අනුව විවිධ මාතෘකා ඔස්සේ විමර්ශණ සිදුකරමින්, තොරතුරු රැස්කරමින් සහ පිටපත් ලියමින් කාලය ගතකරන අතරතුර, අංගම්පොර සටන් කලාවේ නියැලෙන පාරම්පරික ශිල්පීන්  කිහිපදෙනෙකු අපට හමුවුනා. මෙම සටන් කලාව රැකගනිමින් එපමණකින් නොනැවතී th ජාත්‍යන්තරයට පවා ගෙනයමින් එම සටන් කලාවේ නියැලෙන tu පාරම්පරික ශිල්පීන් කණ්ඩායම iu. අන්තර්ජාලයේ ෆේස්බුක් සහ යූ ටියුබ් ආදී වෙබ් අඩවි හරහා  f.dvk.d.;a ino;djhka හරහා අප රැස්කරගත් තොරතුරුත් විමසා බැලු අපට මෙම මාතෘකාව ඔස්සේ වාර්තා චිත%පටයක් නිර්මාණය කළ යුතුයැයි හැගී ගියා. අංගම් එළිදක්වන්නට මුල් පියවර තැබෙන්නේ ඒ ආකාරයට. මෙම නිර්මාණයේ අධ්‍යක්ෂක වරයා වන අංජුල රසාංග සිය නිර්මාණය බිහිවීමේ මූලික අදියර පිළිබදව එසේ විස්තර කළා.

 මීට පෙර කෙටි චිත%පට, රූපවාහිනී වැඩසටහන් සහ වෙළද දැන්වීම් ආදී නිෂ්පාදන සදහා දායකත්වය ලබාදී ඇති තරුණ කණ්ඩායමකින් සමන්විත අංගම් චිත%පටයේ නිෂ්පාදක කණ්ඩායම, සිය පළමු වාර්තා චිත%පටය වන අංගම් නිර්මාණය කිරීමේදී අංජුල රසාංගගේ ධ්‍යක්ෂනයෙන් සහ නිෂ්පාදනයෙන් ද එරංග හේමජිත්ගේ සහය අධ්‍යක්ෂනයෙන්ද අමිල ආකල්ප පෙරේරාගේ සංස්කරණයෙන්ද අනුරාධ ජයසූරියගේ කැමරාකරණයෙන්ද ලලීන්ø අමරසේකරගේ සංගීතයෙන්ද නිමවා ඇත. තවද, මෙම සිනමා කෘතිය අවම මූල්‍ය සහ තාක්ෂණික සම්පත් භාවිතයෙන් සිදුකරන ලද්දක් බව ද නිෂ්පාදක කණ්ඩායම පැවසීය.

ක්‍රිකට් සහ තවත් සීමිත අවස්ථාවන් කිහිපයකදී හැරුණු විට අන් බොහෝ අවස්ථාවල අපගේ රට පිළිබදව විදේශිකයන් තුල සෘණාත්මක සිතුවිලි ඇතිකරවන යුගයක මෙවන් ශිල්පයක් හරහා යම්තාක් දුරට හෝ ධනාත්මක ජාත්‍යන්තර සබදතාවක් ගොඩනැගී තිබීම පැසසිය යුතු කරුණක්. මෙම සිනමා කෘතිය තුලින් එය තවදුරටත් ජාත්‍යන්තරයට ගෙනයමින් මව්බිමේ උරුමය ලෝකයටම කියන්නට අපි උත්සාහ ගන්නවා. ඒ වගේම කිවයුතුම දෙයක් තිබෙනවා..., තවත් මෙම ශිල්පය දත් අවුරුදු අසූව අනූව පමණ වන පාරම්පරික සටන් ශීල්පීන් මේ රටේ විසිරී සිටිනවා. කවුරුන් හෝ ඉදිරිපත්වී ‍ සංවිධානාත්මකව, අප අතරින් වියැකී වැනසෙමින් යන මෙවන්  කලාවන් සහ ඒවායේ උරුමකම් ඇති කලාකරුවන් රැක ගැනීමේ වැඩපිළිවෙලක් සකස්කරනු දැකීම සහ එවන් කලාවන් පිළිබදව උසස් තත්වයේ පර්යේෂණ සිදුකරනවා දැකීම අපගේ බලාපොරොත්තුවයි. අංජුල රසාංග, සිය අරමුණ පැහැදිලි කරන්නේ ඒ අයුරිනි.

පාසැල් සමයේදීම සිය හැකියාවන් එළිදක්වමින් චිත% කලාවෙන් දස්කම් දැක්වූ අංජුල, සිය පාසැල් සමයේ මිතුරන් අතර ජනපි%යව සිටියේ චිත%කතා ශිල්පියෙකු ලෙසයි. පසුකාලීනව අළෙවි සහ වෙළද දැන්විම් ක්ෂේත%යන්හි සිය වෘත්තීය දායකත්වය ලබාදුන් අංජුල සිය පළමු කෙටි චිතපටය වූ Valentine Crush(ed)  සිය මිතුරන් කිහිප දෙනෙකුගේ සහයද ඇතිව 2009 වසරේදි එළිදැක්වීය. එම වසරේදී Bonsoir ආදී වැඩසටහන් තුළ සහ 20th Century Fox Searchlabs, Youtube වැනි වෙබ් අඩවි තුළ ජනපි%යත්වයට පත් එම නිර්මාණයෙන් ලද අත්දැකීමද සමගින් මෙරට සිටින ප%වීණ සංගීතවේදියෙකු වන ඩබ් ඩී අමරදේවයන්ගේ Mandoharp පිළිබදව කෙටි වාර්තා චිත%පටය සදහාද සිය දායකත්වය ලබාදී ඇත. සිය සිතේ උපන් තවත් නිර්මානාත්මක සංකල්පයක් මත අධ්‍යක්ෂණය කෙරුණු අංගම්, අංජුලගේ පළමු වාර්තා චිතපටයයි.

වසර පහකටත් වඩා වැඩිකලක් තිස්සේ අධ්‍යයන කටයුතුවලදී මෙන්ම වෘත්තීය කටයුතු වලදීද අංජුලගේ මිතුරෙකු මෙන්ම සංස්කාරක වරයාද වූ අමිල ආකල්ප, සිනමා නිර්මාණයක සියුම් වැරැද්දක් වුවද සිය නෙතින් ගිලිහී යා නොදෙන තරමේ දක්ෂ සහ නිර්මාණශීලී, ධ්‍යක්ෂකවරයාගේ අවශ්‍යතා මනාව හදුනාගත් පළපුරුදු සංස්කාරක වරයෙකි. දැනට වෙළද දැන්වීම් සංස්කාරකවරයෙක් ලෙස සේවය කරන අමිල, අංජුලගේ නිර්මාණ බොහොමයකට සිය දායකත්වය ලබාදී ඇත. අංගම් වාර්තා චිත%පටයේ සංස්කරණ දායකත්වය අමිල ආකල්ප පෙරේරාට හිමිවන්නේ ද ඒ අයුරිනි.

කැමරා ඇසින් නොදකින සියුම් තැන් සිය කැමරා කාචයට හසුකරගන්නා තරමේ දක්ෂ කැමරා ශිල්පියෙකු වන අනුරාධ ජයසූරිය අංගම් චිත%පට කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම පුද්ගලයා ද වන්නේය. දේශිය සිනමාවේ ජනපි%ය කෘති ගනනාවකටම විවිධ අංශයන්ගෙන් සිය දායකත්වය ලබාදී ඇති අනුරාධ, වාර්තා වැඩසටහන්, ගීත රූප රචනය, රූපවාහිනී වැඩසටහන් ආදී ක්ෂේත% ගනනාවක සිය කැමරාකරණ දායකත්වය ලබාදී ඇත. පසුගිය වසර කිහිපය පුරාවටම ජනපි%m%xශ රූපවාහිනී සගරාවක් වූ බොන්සුවා වැඩසටහනේ කැමරාකරණය අනුරාධ විසින් සිදුකර ඇත.

ලේඛණයත් කවියත් උපතින් ලත් දායදයක් තරමටම ළංකරගත් එරංග, නිරන්තරයෙන් දේශීය  සංස්කෘතිය සහ ඉතිහාසය පිළිබදව විමසිල්ලෙන් සිටිමින් ඒ ගැන තොරතුරු රැස් කරන්නෙකි. එසේ රැස්කරගත් තොරතුරු අංගම් චිත%පටයට දායාද කරමින් මෙම චිත%පටයේ සහය අධ්‍යක්ෂනයත් සහය නිෂ්පාදනයත් කරන එරංග, සයිබර් අවකාශය තුළ පුස්කොළේ බ්ලොග් අඩවිය මගින් දහස් ගනනක් වූ කි%යාකාරී රසික පිරිසකට සිය නිර්මාණ රසවිදීමට සලස්වා ඇත.

වේදිකා නාට්‍ය නිෂ්පාදනය, සංගීතය, ඉසව් සංවිධානය මෙන්ම මෘදුකාංග නිෂ්පාදනය, ඩිජිටල් නිර්මාණකරණය ආදී ක්ෂේත% ගනනාවකම දස්කම් දක්වා ඇති පළ පුරුදු දක්ෂ තරුණ නිර්මාණකරුවෙකි ලලීන්ø අමරසේකර. වෙළද දැන්වීම් ක්ෂේත%යේ ජාත්‍යන්තර සම්මානයන්ගෙන් පවා පිදුම් ලැබ ඇති ලලීන්ø,  m%xශයේ පැවැති Cannes Young Lions උළෙලෙහි සිනමා කාණ්ඩය යටතේ සහභාගීවීමට තරම් දක්ෂයෙක් විය. අංගම් සිනමා කෘතිය නිර්මාණයේදී සහය නිෂ්පාදනයෙන් සහ සංගීතයෙන් ලලීන්ø සිය දායකත්වය ලබාදීඇත.

කණ්ඩායමේ සියළු සාමාජිකයන්ගේ නොසැලෙන අදිටනත්, අප%තිහත ධෛර්යයත් මෙම නිර්මාණය මෙතරම් උසස් අන්දමින් නිමවා අවසන් කරගැනීමට හේතු වූ බව අන්ජුල රසාංගගේ ගේ අදහසයි.  තවද මෙම නිර්මාණය සාර්ථක කර ගැනීමට දායකත්වය ලබාදුන් මාෂ් දොඩන්වල, අනෝමා රාජකරුණා යන මහත්ම මහත්මීන්ටද, අංගම් චි;%mට කණ්ඩායමේ සාමාජිකයන්ගේ පවුල්වල අයටද,  නන් අයුරින් සහය දැක්වූ සියළුම හිතවතුන්ටද ‍සිය ගෞරව පූර්වක ස්තුතිය කණ්ඩායම වෙනුවෙන් පලකර සිටින වග ඔහු පැවසීය.


"Angam" the movie
©2010 Anjula Rasanga Weerasinghe / everanju Creations
:::
:::

Angam - English media release


The documentary film “Angam”, which tells a story about the Sri Lankan traditional martial art “Angampora” will be screening at Goethe Institute, Colombo 7, on 7th and 9th September 2011. Initial screening on the 7th September,2011 will be limited only to invitees and the public screening will be on 9th September, 2011 at 6.00pm. There will be no-charge for the public screening entrance. 

This film will be taking you through the origin of Angamora, which will be enriched with amazing facts on the history of our nation and folk stories of it's' evolvement. There are fascinating and exciting demonstrations that will entrance the audience and discussions about the present situation and how the future lies for this unique art form. Directed as a feature documentary, "Angam" The Movie is an hour and 10mintues of a summarization on our historic martial arts.

“Angam” The Movie, features veteran Angampora masters like G. Karunapala, Dr. Wikramasinghe and Athula Nandasena along with renowned archaeologist Dr. Siran Deraniyagala who will also take you through some marvelous findings about the Sri Lankan history which will inspire you to re-investigate our history and culture. Further the angampora guru’s and their students showcase how they practice and take forward this traditional martial art to our future generations, not only in Sri Lanka but to the world. 

"With our gained experiences over the time and our successful attempts at few short films, we felt the need of doing a feature film or a full length documentary. Based on that, we started developing various story lines, researches and script writing. Through time we met a group of individuals via a social network site, namely Face book, and YouTube, who are not only involved in protecting an endangered martial art which is very unique to our country but successfully promoting it locally and internationally. Through time we started our researches and fact findings, which made us feel we could lay the foundations for a feature documentary on this unique art form, which is definitely in need of being in the light. "Angam" The Movie is the result of that effort and the relationship build over the time." said the Director, Anjula Rasanga.

“Angam” The Movie, is Produced and Directed by Anjula Rasanga Weerasinghe, Edited by Amila Akalpa Perera with Anuradha Jayasuriya’s Cinematography, Eranga Hemajith as the Asst Director and Lalindra Amarasekara being the Music Composer / Co Producer. This is the first feature length Documentary film experiment of the film makers, whom have been previously involved in couple of short films, advertising and TV programs. “Angam” documentary film was produced under very tight or no financial backup and very limited technical resources. 

Furthermore, Anjula Rasanga explained his ulterior motive of making "Angam" The Movie as, "Time is such where except for Cricket and very limited number of occasions, the image of our country is set to be very negative in international community. Even in a situation like that, it was fascinating to see how "Angam" has brought these people from all corners of the world together irrespective of languages, race or religions and making a good impression internationally about Sri Lanka . What we tried through "Angam" the movie is to take this unique form of martial art and our heritage to the world. I must mention that there are veteran Angampora masters spread out in Sri Lanka who are in their old ages, like over 80years of age but still carry on with this martial art form., but with our tight resources we had limitations in reaching all of them. My teams' ulterior motive is that "Angam" The Movie  to be an eye-opener for the society and hopefully there would be more in depth researches and initiatives  happening to protect these types of rare arts forms."

Executive Producer and Director, Anjula Rasanga, wrote and drew original comic books for friends during his school days and moved on his passion towards film making later on. After working in marketing & advertising industry he released his first short film “Valantine Crush(ed!)” in 2009 by collaborating with couple of friends, which was also featured by 20th Century Fox search labs, Bonsoir Film Festival and Tasveer Seattle. He also contributed to W.D Amaradeva’s Mandoharp short documentary in 2010. “Angam” the movie is also one of his own initiatives and the first feature length documentary film produced & directed by him. 

Amila Akalpa and the director Anjula Rasanga has been learning and working together for the last 5 years and together have done couple of online videos, stop motions and short films including the short “Valentine Crush (ed!)”. Akalpa is a canny editor, with a touch of classiness and an amazing dedication towards the project and currently he is working as a commercial editor

The skillful eye behind the camera, Anuradha Jayasuriya is the most experienced film maker in the team. Anuradha has been performing many roles in the local industry from being the cinematographer to sounds engineer on many feature films, documentaries, music videos and TV programs over many years. He was the trustful eye behind the camera for the prestigious French TV magazine BONSOIR for the last few years.

Eranga Hemajith, the Asst Director and the Co-Producer, is a poet, writer and a researcher. He has an undying thirst to dig in to local culture and history. He took the lead in doing the research collecting information about Angampora before we started the project and performed his duty as a co producer / asst director for “Angam” the movie. He is also the author of the blog “Puskole” which has gained thousands of active readers over a very short period of time span. 

Music Composer and Co-Producer, Lalindra Amarasenkara, has his skills span from being a theater producer, events manager, technician, musician, and software developer, designer to a business leader. His collaborative work in the advertising industry has won many prestigious international awards and even represented Young Lions Films category from Sri Lanka at the Cannes Lions Festival in France. This talented guy is the one who composed the music track for “Angam” the movie.

It was the teams' high enthusiasm, the "never-say-die" attitude and every form of encouragement they got from their friends & family, which enabled the near-impossible task to be a reality and end up with a documentary film of this scale. Furthermore, on behalf of his team, Anjula would like to especially like thank Mr. Marsh Dodanwala and Ms. Anoma Rajakaruna for their invaluable support, their well wishers and members of their families. 



"Angam" the movie
©2010 Anjula Rasanga Weerasinghe / everanju Creations
:::